ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නීති උපදෙස් ලැබී තිබේ.
ඒ අනුව 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.
මේ හේතුව නිසා අදාල නීති ගැටලුව විසඳාගන්නා තුරු පොලිස්පති ධුරය එලෙස තිබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුවී ඇත්තේ පොලිස්පතිවරයාට රාජාකාරි කරගෙන යාමේ බාධාවක් පමණක් බවද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
|