පොලිසිය ඇතුළේ දී පිහියෙන් ඇන මරයි

857


නවගමුව පොලිසියේ සුලු‍ පැමිනිලි අංශය අද පෙරවරුවේ පුද්ගලයකුගෙන් පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි
සටහන් කර ගනිමින් සිටියදී එහි පැමිණි
අයකු එල්ල කළ පිහි පහරකින් සාක්ෂිකරු මරණයට පත්වී ඇත.
අද පෙරවරු 10.00ට පමන සිදුවූ මෙම
පිහි ඇනුමින් මරණයට පත්වී ඇත්තේ එලවත්ත පාර, දුනුකේ දෙනිය ,කරවනැල්ල පදිංචි ජයන්ත කුමාරසිරි පෙරේරා නැමති අයෙකි.

නවගමුව රනාල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මරන කරු තමාට හිරි හැර කරන බව පවසා කර තිබූ පැමිනිල්ලකට අනුව මොහු පොලිසිය ට පැමින එහි සුලු‍ පැමිනිලි අංශය තුළ පොලිස් නිලධාරියෙකු ඉදිරියේ වාඩිවී කට උත්තර දෙමින් සිටියදී පිටුපසින් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ ගෙල පෙදෙසට පිහියෙන් ඇන ඇත.පිහිය ගෙලේ පවතිද්දීම ඔහු නවගමුව රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් තිබිණි.
පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම ඝාතනය අනියම් පෙම් සබඳතාවක්
මුල් කරගෙන සිදුවී ඇති බවට මූලික
පරීක්ෂණ යෙන් හෙළිවී තිබේ.


advertistmentadvertistment