පොසොන් තොරන් නරඹා එද්දී නිවසම ගිනිගෙන

1

බේරුවල, පින්හේන ජනපදයේ අසරණ පවුලක් පදිංචිව සිටී නිවසක පෙරේදා (23දා) රාත්‍රී හටගත් ගින්නකින් එම නිවස මුළුමනින්ම ගිනිගෙන අලුවී තිබේ.

කොස් කඩා පාපැදියෙන් නිවෙස්වලට ගොස් අලෙවි කරන එම්.ඩී කසුන් කුමාර, ඔහුගේ බිරිඳ වන දිල්මි මධුරංගි සහ අවුරුදු හතරහමාරක් වයසැති ජනිදු රෂ්මික පුතු සමග ජීවත්වන නිවස මෙසේ ගිනිගෙන තිබේ.

අසල්වාසින් සමග බේරුවල හා අවට ප්‍රදේශවල පොසොන් උත්සවය නිමිත්තෙන් ඉදිකොට ඇති තොරන් නරඹා නිවසට පැමිණෙන අතරවාරයේදී නිවස ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ගින්නෙන් ඔවුන්ගේ ඇඳුම් පැලඳුම්, ගෘහ උපකරණ සහ පුංචි පුතුගේ පෙර පාසල් නිලඇඳුම් සහ පොත්පත් මෙන්ම විනෝදයට පදින කුඩා පාපැදිය අලුවී තිබෙන අයුරු දැකගත හැකිවිය.

දිනපතාම බුදුන් වහන්සේට පහනක් පත්තු කිරීම පුරුද්දක් ලෙස සිදුකරන බවත් එයින් ගින්න පැතිරෙන්නට ඇති බවට සැකපළ කරන බවත් පැවසේ.

උප්පැන්න සහතිකයේ පටන් සියලු දෑ ගින්නට හසුවී අලුවී ඇති අතර ඇඳිවත පමණක් ඉතිරිව ඇති ඔවුන්ට උපකාරයක් වන්නට කැමති පරිත්‍යාග ශීලින්ගේ අවධානය සඳහා කසුන්ගේ ජංගම දුරකථනය සටහන් කරමි. 076 5788178

වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment