බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට එරෙහිව නඩු 150ක්

192

ඉකුත් අගෝස්තු මස 05 වැනිදා බලයෙන් නෙරපනු ලැබූ බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂික් හසිනාට එරෙහිව ගත වූ මාස එකහමාරක කාලය තුළදී අපරාධ චෝදනා මත නඩු 150කට අධික සංඛ්‍යාවක් පැවරීමට බලධාරින් විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම නඩුවලින් 140ක් මිනීමැරුම් චෝදනා මත පවරා ඇති අතර තවත් නඩු 10ක් මිනීමැරීමට තැත් කිරීම, තර්ජන සිදු කිරීම, හිරිහැර කිරීම හා පහරදීමේ චෝදනා මත ගොනු කර ඇති බව වාර්තා වී තිබේ.

මෙම සියලු නඩු බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නගරයේ මහෙස්ත්‍රාත් උසාවිවල පවරා තිබේ. දැනට ඉන්දියාවේ දිල්ලි අගනුවර ඉන්දීය රජයේ ආරක්ෂාව මත රැඳී සිටින ෂික් හසිනාව අදාළ නඩුවලට පෙනී සිටීම සඳහා නැවත බංග්ලාදේශයට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව බංග්ලාදේශ බලධාරීන් විසින් පවසා තිබේ.


advertistmentadvertistment