බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවයි

153

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.ඊට අදාල නිවේදනය ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් විසින් අද නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ අතර විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට ද බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා මෙසේ නියෝග කළේ ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වී රටින් ද පලා යෑමත් හමුදාව එරට බලය අත්පත් කර ගැනීමත් සමඟය.


advertistmentadvertistment