අයවැයේ මුදල් වෙන් කිරීම කඩදාසිවලින් මිස නෝට්ටුවලින් නොවෙයි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

249

රජය වාර්ෂිකව අයවැයෙන් මුදල් වෙන් කළත් ඒ වෙන් කරන්නේ කඩදාසිවලින් මිසක් මුදල්වලින් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 04දා පොළොන්නරුවේදී කියා සිටියේය.

මැතිවරණය කල්දැමීම හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇතුළු කරුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ විට ඒමහතා මේබව කියාසිටියේය.

චීන තානාපතිවරයා නිවසට පැමිණි අවස්ථාවට එක් වෙමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

මේ ප්‍රශ්නය විසඳ ගන්න ඕනේ මැතිවරණ කොමිසමයි රජයයි එකතු වෙලා. ඉතිං අපිට ඒ ගැන කළ හැකි දෙයක් නෑ. ඒ අය තමයි අවසාන තීරණයක් ගන්න ඕනේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්. මැතිවරණයක් පැවැත්විය යුතුයි කියන මතය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඉන්නේ. ඉතින් ඒ නිසා රජය සහ මැතිවරණ කොමිසම දෙපාර්ශවයක් විදිහට වැඩ කරන්නේ නැතුව ගැටුම් ඇති කරගන්නේ නැතිව රජයයි මැතිවරණ කොමිසමයි එකතුවෙලා මේ ගැන තීරණයක් ඉක්මනට ගන්න ඕනේ. පළාත් පාලන ආයතන බලතල අනිවාර්යයෙන්ම විසුරුවා හැරෙනවා. අනිවාර්යෙන්ම ව්‍යවස්ථානුකූලව විසුරුවා හැරීමෙන් පසුව රජයේ නීතිරීති අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පනත අනුව ඒ ආයතනවලට කොමසාරිස්වරු පත් කිරීමයි බොහෝවිට කොමසාරිස්වරු විදිහට පත් වෙන්නේ රජයේ නිලධාරි මහත්වරු තමයි ආයතන ගෙනියන්න කොමසාරිස්වරු පත් කරන්න තමයි රජය කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුව

ගැන මට මුකුත් කියන්න බැහැ. මොකක් වෙයිද කියලා කියන්න බෑ. අපිත් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. දැන් රජය පැත්තෙන් කියන්නේ සල්ලි නෑ කියලානේ. රජයේ වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කලත් ඒ වෙන් කරන්නේ ඇත්තටම කඩදාසිවලින්. එතකොට භාණ්ඩාගාරය මුදල්වලින් තියෙන්න ඕනේ. එහෙම තිබුනොත් රජය ඒ විදිහට කටයුතු කරාවි කියලා තමයි මම හිතන්නේ.
රොෂාන් තුශාර තෙන්නකෝන් අරලගංවිල

advertistmentadvertistment
advertistmentadvertistment