පුංචි ඡන්දයට කොමිසම ලෑස්තියි – මැ.කො.ස. කියයි

78

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සූදානම් වෙමින් සිටින බව එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

මැතිවරණ, ඡුන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප‍්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සභාපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20දා අවසන් වීමට නියමිත අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම කාරක සභාව පෙරේදා (08දා* පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැුස් වූ අවස්ථාවේදී මේ බව කියා සිටියේය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ඡුන්දය පැවැත්වීමට මාස 4කට පමණ පෙර, ඊට සූදානම් වීම අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව, වෙනසක් නොමැතිව, පවතින නීතිමය තත්ත්වය යටතේම පළාත් පාලන ඡුන්ද පැවැත්වෙන්නේ නම්, 2022 ජනවාරි මාසයේ පමණ එම ඡුන්දය සඳහා දින ප‍්‍රකාශ කිරීමට සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment