වස විස මිශ්‍ර කරන කොත්තමල්ලි ගබඩාවක්

539


කොත්තමල්ලි වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වී ඇත.
කල්මුණ පොලිස් වසමේ පරණ මුහුදු වෙරළ පාර ප්‍රදේශයේදී අදාළ ගබඩාව පවත්වාගෙන ගොස් තිබුණි. මෙය පවත්වාගෙන ගිය වයස අවුරුදු 44ක් වු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කල්මුණයිකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ රාත්‍රී කාලයේ ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් පිරිසක් සහ අම්පාර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසක් එක්වී මෙම වැටලීම සිදුකර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු විසින් අලෙවි කිරීම සඳහා ගබඩාව තුළ තබාගෙන සිටි සල්ෆර් පවුඩර් මිශ්‍ර කරන ලද කොත්තමල්ලි කිලෝ ග්‍රෑම් 2.125ක් ප්‍රමිතියෙන් බාල කොත්තමල්ලි කිලෝග්‍රෑම් 8.275ක් සහ සල්ෆර් පවුඩර් කිලෝ ග්‍රෑම් 225ක් සොයාගෙන තිබේ.

අම්පාර පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment