හිටපු පොලිස් නිලධාරියෙකු ගස් බැද මරා දමයි

481


දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේදී පුද්ගලයෙකුව පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි.

ඔහු පොලිස් රාජකාරියේ නිරතව සිටියදී වැඩ තහනමට ලක්ව සිටි අයෙකි.

බිරිඳ විදෙස්ගතව සිටින අතර දරු දෙදෙනාද වෙනත් ප්‍රදේශයක වාසය කරන බව මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

ඊයේ ඔහුගේ බිරිඳගේ මව සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව අදාළ කාන්තාවගේ ඥාතීන් සමගද ආරවුලක් ඇතිව තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුව එම පුද්ගලයින් විසින් මෙලෙස මියගොස් ඇති පුද්ගලයා ගසක බැඳ පහරදී ඇති බවය.

එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 38 හැවිරිදි වියේ පසුවූ අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment