ශ්‍රී ලංකා වාර්තා බිඳ දමමින්දකුණු අප්‍රිකාව ජය ගනී

924

ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සතුව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන වාර්තාවක් ඊයේ (27 වෙනිදා) බිඳ දැමූ දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් සහ රයිලි රූසො බංගලාදේශයට එරෙහිව ඊයේ (27 වැනිදා) පැවති තරගයේදී ලකුණු 105 ක ජයග්‍රහණයක් දකුණු අප්‍රිකාවට ලබා දුන්හ.

ක්වින්ටන් ඩි කොක් සහ රයිලි රූසෝ විසින් එසේ බිඳ දමන ලද්දේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සඳහා වූ ඉහළම සබඳතාවයි.

ඩි කොක් සහ රයිලි රූසෝ ඊයේ තරගයේදී දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 168ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාටය. 2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් ඔවුහු ලකුණු 166ක සබඳතාවක් පිහිටුවා තිබිණි.

මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රයිලි රූසෝ පන්දු 56 කින් හයේ පහර 8ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 109ක් රැස්කළ අතර එය මෙවර ලෝක කුසලානයේදී වාර්තා වූ පළමු ශතකය යි එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබාගත් අතර බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 101ක් පමණි..

කසුන් රණවීර ඔස්ට්‍රේ‍ලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment