ලෝකයේ හොඳම පිතිකරුවා වෙන්න මං කැමතියි

419

ලෝකයේ හොඳම පිතිකරුවා බවට පත්වීමට තමා කැමති බවත් ඒ වෙනුවෙන් තමන් උපරිම වෙහෙස දරන බවත් ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සඳහන් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ද්විත්ව ශතකයක් වාර්තා කර පළමු පිතිකරුවා බවට එම තරගාවලියේ දෙවැනි තරගයේදී වාර්තා අතරට එක් වූ පැතුම් එහිදී නොදැවී ලකුණු 213 ක් ලැබීය.

අවසන් තරගයේදී ද යළි ශතකයක් ලබා ගත් පැතුම් තරගාවලියේ තරග 3 කදී ලකුණු 346 ක් ලබා 173 ක සාමාන්‍ය අගයක් වාර්තා කළේය.

“ඇත්තටම කණ්ඩායමක් ලෙස අපි හොඳ තැනක ඉන්නවා. එසේම මෙම තරගාවලියේදී කණ්ඩායමක් ලෙස අපි සියලු දේ නිවැරදිව කළා. එම නිසා අපිට තරගාවලිය ජයගත හැකි වුණා. එසේම ප්‍රේක්ෂකයන් නැත්නම් ක්‍රීඩාව පවතින්නේ නැහැ. ඔවුන් අපිට විශාල සහයෝගයක් දෙනවා. ඉතින් මම ඉල්ලන්නේ හැමදාමත් අපිත් එක්ක ඉන්න කියලයි. සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා අපි සමගින් සිටීම ගැන.”

ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඇෆ්ගනිස්තානයට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට එහිදී සමත් වූයේය.

ලකුණු 200 ක් වාර්තා කළ හැකි වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැතුම් නිස්සංක “ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ ගැන කියන්න වචන නැහැ. මේ දේ කරන්න මගේ ලොකු හීනයක් තිබුණා. මෙතරම් ඉක්මනට එය කරන්න හැකි වේ යැයි සිතුවේ නැහැ. කෙසේ වෙතත් එම ඉනිම ගැන මට විශාල සතුටක් තිබෙනවා. ක්‍රීඩකයකු ලෙස මම හැම විටම උත්සාහ කරන්නේ මගේ වැරදි හදාගන්නටයි. ඒ අනුව පුහුණුකරු සමගින් සාකච්ඡා කර පුහුණුවීම්වලදී මාගේ වැරදි හදා ගන්නවා.

අවසන් තරගයේදීත් පළමු පන්දු වාර 10 තුළ සාමාන්‍ය පිතිකරණයක් දියත් කිරීමටයි අපි සැළසුම් කළේ. නමුත් දෙදෙනාම හොඳින් ස්ථාවර වූ නිසා එම රිද්මය දිගින් දිගමට ක්‍රියාත්මක කිරීමට අපි සිතුවා. ඒ අනුව මෙම තරගයේ දී එම සැළසුම සාර්ථක වූ බව මම සිතනවා.” ලෙසින් ද පැවැසීය.

දෙරට අතර පැවති අවසාන එක් දින තරගයෙන්ද කඩුලු හතක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

එසේම මෙම තරගාවලියේදී කණ්ඩායමේ පිතිකරණ අංශය ලබාගෙන ඇති වර්ධනය පිළිබඳව පැතුම් මෙසේ පිළිතුරු දුන්නේ ය.

“මේ වන විට අපි ඉතාමත් හොඳ පුහුණු කාලසටහනක ඉන්නවා. එසේම මෙම තරගාවලියේදී අපිට හොඳ තණතීරු ලැබුණා. එවැනි තණතීරු අපිට මින් පෙර ලැබිලා තිබුණේ නැහැ. ඒ අනුව මෙවැනි තණතීරුවල පිතිකරුවන්ට හොඳින් ලකුණු අතරට පිවිසිය හැකියි. එමගින් පිතිකරුවන්ගේ පෞද්ගලික දක්ෂතා දියුණු වන අතරම පන්දු යවන්නන්ගේ දස්කම් ද වර්ධනය වෙනවා. මෙම තරගාවලියේ දී ලද සාර්ථකත්වයට හේතු වූයේ එයයි. එසේම මම සෑම අවස්ථාවකම බලන්නේ මගෙන් කණ්ඩායමට ඉටු විය යුත්තේ කුමක්ද යන්නයි. එම ඉලක්කයෙන් පමණයි සෑම විටම මම කටයුතු කරන්නේ.”

කෙසේ වෙතත් පැතුම් වැඩි කැමැත්තක් දක්වන්නේ ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට බව ද එම මාධ්‍ය හමුවේදී පැවසීය.

“ඇත්තටම මම වැඩි කැමැත්තක් දක්වන්නේ ටෙස්ට් ක්‍රීඩාවටයි. මට අවස්ථාවක් ලැබුණොත් කණ්ඩායම වෙනුවෙන් උපරිමය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව යළිත් ටෙස්ට් කණ්ඩායමට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබෙනවා.

ලකුණු 200 ක් වාර්තා කළ හැකි වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැතුම් නිස්සංක “ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ ගැන කියන්න වචන නැහැ. මේ දේ කරන්න මගේ ලොකු හීනයක් තිබුණා. මෙතරම් ඉක්මනට එය කරන්න හැකි වේ යැයි සිතුවේ නැහැ. කෙසේ වෙතත් එම ඉනිම ගැන මට විශාල සතුටක් තිබෙනවා. ක්‍රීඩකයකු ලෙස මම හැම විටම උත්සාහ කරන්නේ මගේ වැරදි හදාගන්නටයි. ඒ අනුව පුහුණුකරු සමගින් සාකච්ඡා කර පුහුණුවීම්වලදී මාගේ වැරදි හදා ගන්නවා.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment