නත්තලේ මිහිර

81

‘නත්තලේ අසිරිමත් පණිවිඩය ගෙන දැහැමි මග යමු’ ‘නත්තල්’ ලෝක කිතුනු වාසීන්ගේ හද සංතෘෂ්ටියට පත්වන අනභිභවනීය මංගල උත්සව සැමරුමක් බවට පත්වී ඇත. එනමුදු කිතුනු ජනතාව වඩාත් අවධාරණය කළ යුත්තේ එම උපතට වටිනාකමක් අත්පත් වූයේ උකුත් වීමත් සමග උත්ථානය මුල්කරගෙන සිදුවූ දිව්‍ය විකාශනය පිළිබඳවය.

සමිඳාණන් නැවත පැමිණෙන වග දන්නා අපි නත්තල සැමරු කිතුනුවන් ලෙස නොව කිතුනු හරයේ යථාර්ථය මත අධ්‍යාත්මික නැඹුරු භාවයකින් යුත් ධර්ම දූත කිතුනුවන් ලෙස පෙනී සිටීමය. වෙනත් සංස්කෘතික උත්සවයන් හා සැසඳෙන විට නත්තල් තරම් භුක්ති විඳිය හැකි උත්සවයක් කිතුනු ජන කොට්ඨාසයට ලෝ දහමේ සටහන් නැත. එහෙයින් අප සමරණ නත්තල නාමික කතෝලික කමනූවා දක්වන්නක් බවට සමාජයට ඒත්තු ගැන්වීම සඳහා කරන තවත් උත්සවයක් බවට පත් නොකළ යුතුය.

වර්තමාන ලෝකයේ ලෞකික අවශ්‍යතාවයන්ගෙන් සෑහීමකට පත් නොවන ආකල්පයට කොටු වීමෙන් මිදී ඉන් ඔබ්බට දැහැමි මගට අඩියක් තබා ඔබ සතු බුද්ධිය, දිරිය, හැකියාව, ධන සම්පත් බලය, ආදී වැඩි මනත් දෑ එකිනෙකා අතර ත්‍යාගශීලී යහපත් ගුණාංගවලින් පිරි අසිරිමත් පණිවිඩයෙන් සන්නද්ධ නොමග යන වූවන්ද දැහැමි මග ඔස්සේ කැටුව යාම අපට පැවරුණු කාර්යයකි.

කිතුනු උපතේ ක්‍රියාදාමය පහසුවට සරල හුදු විනෝදාශ්වාදයට පමණක් සීමා වුවත් දැහැමි මගට පිවිසීමට ලැදියාවක්, ඇල්මක්, ආකල්ප නැති විරල පරපුරක් අතර නත්තලේ උරුමක්කරුවෙකු විය හැක්කේ කිතුනු අනුගාමිකයකුට පමණි. සමාජ පවුල හා තුලනය වීමේදී අත්පත් වන අපහසු අසීරු තත්ත්වයක් හමුවේ සමිඳුන්ගේ හැඟීමට ඉවහල් කරගෙන සමිඳුන්ගේ උපතින් ලද අත්දැකීම අත්විඳ ගන්නට නැවත සමිඳු සමග උපදිමු. සමිඳුන්ගේ උපත සමිඳුන්ට නොවේ නම් අපගේ උපතත් අපිට නොවන යථාර්ථය අවබෝධ කරගෙන සහයෝගයෙන් සහජීවනයෙන් එකට එක්ව නත්තලේ අසිරිමත් පණිවිඩය ගෙන දැහැමි මග යන්නට සූදානම් වෙමු.

මිකි ප්‍රනාන්දු
ශා. මරියා දේවස්ථානය
නාවලපිටිය.

නත්තල් සීයාත් දුප්පත් වෙලා

මෙදා නත්තලේ නත්තල් සීයාට තෑගි බෝග ගෙන ඒමට තරම් වත්කමක් නැත.

ඔහු මෙදා නත්තලේ දුප්පත් වී ඇත. සෙල්ලම්බඩු, අහස් කූරු, කෑම බීම ජාති ගනිගණන් ගොස් ඇත.

නත්තල් සීයාට අද මෙම තෑගි බෝග ගන්ඩ මුදල් හිඟයක් ඇතිවී තිබේ. ඒත් නත්තල් සීයා පුංචි ඔයාලාට සුබපතන්න අමතක නොකර අදත් ඇවිත් ඔයාලට සුබ නත්තලක් යැයි කියා සුබ පැතුම් එක්කරනු ඇතැයි අපේ විශ්වාසයයි.

ඔබ සැමට සුබ නත්තලක්

ජූඩ් හෙට්ටිආරච්චි දුන්ගාල්පිටිය
සංස්කරණය – නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment