බසයට සහ තාප්පයට හිරවී මගියා මියයයි

169

මාර්ග අංක 224 පූගොඩ – කොළඹ අතර ධාවනය වන පෞද්ගලික බස් රථයක තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා මාර්ගය අයිනට ගෙන නතර කිරීමට බස් රථය පසුපසට ගන්නා අවස්ථාවේ බසයේ සිටි මගියකු බස් රථයෙන් බිමට බැසීමේදී බස් රථයට හා අසල තිබූ තාප්පය අතරට සිර වී මරුමුවට පත් වී ඇතැයි කැලණිය පොලිසිය පවසයි.

පෙරේදා (28 වැනිදා) මෙම අවාසනාවන්ත සිද්ධිය කැලණිය, නාගහමුල ප්‍රදේශයේදී සිදු වී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මගියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරලන්ද,

දම්මිටියාගොඩ පදිංචිව සිටි 34 හැවිරිදි එක්දරු පියෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. කේ. දේවප්‍රිය මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විරාජ් මධුවන්ත නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් ජයනාථ (98175) මහතා වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා බස් රථයේ මගීන් බැස්සවීම සිදුකිරීමේ දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර


advertistmentadvertistment