මී මැස්සන් ස්වභාවධර්මයේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන්, පරාග වාහකයන් මෙන්ම ජෛව විවිධත්වයේ රැකවල්කරුවන් ලෙසත් හැඳින්විය හැකිවේ. ඔවුන්ගේ ගණාවාස පරිසර පද්ධතිවල පැවැත්මේ අත්‍යවශ්‍ය භූමිකාවක් ඉටුකරමින්, සහයෝගීතාවයේ සහ අරමුණෙහි සියුම් සමතුලිතතාව මූර්තිමත් කරයි. ඖෂධීය සහ පෝෂණ අගයන් මුල් කරගත් ශ්‍රී ලංකාවේ වන ආශ්‍රීත මී පැණි අස්වනු නෙළීමේ සම්ප්‍රදාය පරම්පරා ගණනාවක් තිස්සේ පැවතුනි. දේශීය ගොවීන් පරිසරය සුරැකීම හා ඔවුන්ගේ ජීවිකාව වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් බොහෝ කලක් තිස්සේ මී මැසි පාලනයේ නිරතව සිටී. මෙම සහජීවන සබඳතාව මත ගොඩනැගෙමින් බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, සංස්කෘතික ත්‍රිකෝණයේ පිහිටි සිය සංචාරක හෝටල් පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් තිරසර මී පැණි ගොවිපොළ ව්‍යාපෘතියක් පසුගියදා දියත් කරන ලදී.
බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ජාලයට අයත් හොටෙල් සීගිරිය, සීගිරියේ ආයුගිරි ආයුර්වේද සුවතා නිකේතනය සහ දඹුල්ලේ ඔක්සිඩෙන්ටල් පැරඩයිස් පරිශ්‍රයන මෙම ව්‍යාපෘතියට දායක වෙයි.
කෘෂිකර්ම උපදේශක සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (මධ්‍යම පළාත) මී මැසි පාලන විෂය භාර නිලධාරි එස්. ජේ. කේ. කුලසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් ජෛව විවිධත්වය සුරැකීම, දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම සංචාරකයන් වෙත පිරිනමන අත්දැකීම් වැඩිදියුණුකිරීමටද අපේක්ෂා කරයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ ව්‍යාපෘතිය ආරම්භ වූයේ දේශීය ප්‍රජාවන් එක්රැස් කිරීමෙන් සහ හෝටල් කාර්ය මණ්ඩල හා ඒවායේ නිවැසි අමුත්තන් සඳහා දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමෙනි. මෙම සැසි සැලසුම් කෙරුනේ තිරසර මීමැසි පාලන පිළිවෙත් පිළිබඳ දැනුම වර්ධනය කිරීම සහ මී මැස්සන්ගේ පරිසර පද්ධතිවලට සහයවීමේ භූමිකාව ඉස්මතු කෙරෙන ආකාරයෙනි. නොවැම්බර් මාසය වන විට මී මැසි පෙට්ටි සහ ගණාවාස ව්‍යාපෘතියට සහභාගී වන ප්‍රජා සාමාජිකයින් සහ හෝටල් පරිශ්‍ර වෙත බෙදා දුන් අතර, එමඟින් සාර්ථක මී මැසි වගා ව්‍යාපෘතියක ආරම්භය සනිටුහන් කෙරිණ. බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් නිරන්තර වැඩමුළු පැවැත්වීමෙන් සහ අධීක්ෂණයෙන් ව්‍යාපෘතියට අඛණ්ඩව සහය දක්වන අතර මී මැස්සන්ගේ තත්වය සහ ව්‍යාපෘතියේ සාර්ථකත්වය සහතික කිරීමට කටයුතු කරයි.