බාර් ලයිසන් ඉල්ලූ සජබ මන්ත්‍රීලා නෑ කියා පුළුවන් නම් සජිත් රටට සහතිකයක් දෙන්න – අනුර කුමාර දිසානායක

83

මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා, බාර් ලයිසන් ඉල්ලපු එක මන්ත්‍රීවරයකු හෝ ස.ජ.බ.යේ නැහැ කියා පුළුවන් නම්, රටට සහතිකයක් දෙන්න කියා. ඒගොල්ලන් එකට හොරකම් කරන්නේ, නාස්ති කරන්නේ, බෙදාගෙන කන්නේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ ආණ්ඩු සල්ලි නැහැයි කියනවා. භාණ්ඩාගාරයට එන්න තිබෙන සල්ලි හරවලා තිබෙන්නේ ඇලෝසියස්ගේ, රවි කරුණානායකගේ, ලක්ෂ්මන් කිරිඇල්ලලාගේ ගෙදරට. අනෙක් පැත්තෙන් භාණ්ඩාගාරයට එන්න තිබෙන ධනය හොරකම් කළා. අපි ඒ ධනය ඔක්කොම භාණ්ඩාගාරයට ගනිමු. භාණ්ඩාගාරයට එන ධනය පිළිබඳ සියල්ල ඔබට දැනුවත් කරන්නම්. ඒ වගේම ඒ ධනය සාංඝික දේපොළක් වගේ අපි බලා ගන්නම්.

රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාරයේ සල්ලි පිටරට යන්න වෙන්කර ගත්තා. වෙන්කර ගත්ත සල්ලි මදිවුණා කියලා ආයිමත් පාර්ලිමේන්තුවට ඇවිත් වෙන්කර ගත්තා ලක්ෂ 2000ක්. රට යනකොට රනිල් තනියම යන්නේ නැහැ. ඒ ධනය වියදම් කරලා කින්ස් නෙල්සන්, ස.ජ.බෙ. මාන්නප්පෙරුම, ඉෂාක් රහුමාන්, එක්කරගෙන යනවා. බෙදා ගන්නකොට ආණ්ඩුව හා විපක්ෂය කියලා එයාලාට වෙනසක් නැහැ. මේ රට වැටිලා. රිම් එකෙන් යන්නේ. වාහන ගෙන්වන්නේ නැහැ. මේ වෙලාවේ විපක්ෂයයි, ආණ්ඩුවයි දෙගොල්ලොම එකතු වෙලා අත්සන් කරනවා වාහන පර්මිට් එකක් දෙන්න කියලා. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පර්මිට් එක දෙන්න ඕනලු. කෝටි පහළොවකට විතර විකුණා ගන්න පුළුවන්.

ආණ්ඩුවේ මන්ත්‍රීලයි, ස.ජ.බ. මන්ත්‍රීලයි බෙදා ගන්න කොට, නාස්ති කරන කොට එකට එකතු වෙලා කරනවා. බාර් ලයිසන් දුන්නා. මන්ත්‍රීවරයා නමක් යෝජනා කරන කොට ලයිසන් එක දෙනවා, මන්ත්‍රී ගාණක් ගන්නවා. මන්ත්‍රී කියනවා, ඔයා නමක් යෝජනා කරන්න, මම ලයිසන් එක දෙන්නම්, ඔයා එයාගෙන් සල්ලි ගන්න කියා. මම සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා, බාර් ලයිසන් ඉල්ලපු එක මන්ත්‍රීවරයෙක් හෝ ස.ජ.බ. නැහැ කියා පුළුවන් නම්, රටට සහතිකයක් දෙන්න. ඒගොල්ලන් එකට හොරකම් කරන්නේ. නාස්ති කරන්නේ, බෙදාගෙන කන්නේ.

ජාතික ජන බලවේගය සංවිධානය කළ පොලොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.

බියර් පර්මිට්වලට තීන්දු ගන්න අය අපි ළඟ නෑ – විපක්‍ෂ නායක සජිත්

බාර් ලයිසන් ඉල්ලූ සජබ මන්ත්‍රීලා නෑ කියා පුළුවන් නම් සජිත් රටට සහතිකයක් දෙන්න - අනුර කුමාර දිසානායක

බියර් පර්මිට්වලට, තනතුරුවලට තීන්දු ගන්න අය අපි ගාව නැහැ. අපි ගාව ඉන්නේ වැඩ කරන අය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විවිධ පාර්ශ්වයන් බියර් පර්මිට්වලට, වයින් ස්ටෝර්ස්වලට, වරදාන වරප්‍රසාද, ආර්ථික ප්‍රතිලාභවලට විවිධ තීන්දු තීරණ ගත හැකි බවත් මේ ජරාජීරණ වූ පුද්ගලයන් සමග සිටිය නොහැකි බවත් සමගි ජන බලවේග රජයකදී රජයේ සාමාජිකයන්ට සුරසැප විඳින්න නොහැකි බවත් ජනතාව වෙනුවෙන් කැපවී වැඩ කළ යුතු බවත් එසේ ජනතාව වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමේ ආදර්ශය නායකයා ලෙස තමා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 210 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් හම්බන්තොට මුල්කිරිගල ගෝණදෙනිය මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් 30 වැනිදා ඒ මහතා මේ බව කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment