බැංගලෝර් පිලට කඩුලූ 4ක ජයක්

156

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය ලෙසින් රාජස්තාන් රෝයල් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැති තරගයේදී කඩුල 4ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්තාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 3ක් දැවී ලකුණු 169ක ඉලක්කයක් බැංගලෝර් කණ්ඩායමට ලබාදුන් අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බැංගලෝර් පිතිකරුවෝ එම ඉලක්කය පන්දුවාර 19.1කදී කඩුලූ 6ක් පමණක් දැවී පසුකර ගියේය.

 රාජස්තාන් වෙනුවෙන් වේගවත් ඉනිමක් දියත් කළ ජෝස් බට්ලර් පන්දු 47කදී නොදැවී ලකුණු 70ක් වාර්තා කළේ හයේ පහර 6ක් සමගිනි. ෂිම්රන් හිට්මයර් පන්දු 31කදී නොදැවී ලකුණු 42ක් රැුස් කළේය.

 රෝයල් චැලෙන්ජර්ස් ඉනිම ජයග‍්‍රාහී මාවතට යොමුකළ ෂබාස් අහමඞ් ලකුණු 45ක් රැුස් කළ අතර දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 44ක් වාර්තා කළේය.

 ලකුණු සාරාංශය

 රාජස්තාන් රෝයල් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 3ක් දැවී ලකුණු 169යි

 රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පන්දුවාර 19.1කදී කඩුලූ 6ක් දැවී ලකුණු 173යි


advertistmentadvertistment