බෞද්ධ භික්ෂුව දෙමළ පශ්චාත් උපාධිය යාපනයෙන් ගනී

1227

ඉතිහාසයේ පලවෙනි වරට යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකදී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් දෙමළ භාෂාව පිළිබදව පශ්චාත් උපාධියක් ලබා ගෙන තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ 39 වෙනි උපාධි ප්‍රධානෝත්සවයේදී සන්නස්ගම ඉන්ද්‍රරතන හිමියෝ යාපනය විශ්ව විද්‍යාලයේදී දෙමළ භාෂාව පිළිබදව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සාර්ථකව නිමා කොට ඊට අදාල සහතිකය යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුණරාජා මහතා අතින් ලබා ගත්හ.
උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ චන්ද්‍රරතන හිමියෝ කියා සිටියේ තමන්ට දෙමළ භාෂාව පිළිබදව යාපනය විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගැනිමේ හීනයක් තිබුණු බවය.
“දෙමළ කියන්නේ යාපනයටයි- යාපනය කියන්නේ දෙමළටයි. මේ දෙමළ භාෂාව මහා සගරයක් වගේයි. මහා ගැඹුරුයි. ඉගෙණ ගැනීමට දාහක් දේ තිබෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු මගේ සිහිනය සැබෑ කර ගැනීමට ගොඩාක් මහන්සියෙන් මට උදව් කළා.
මේ කාලේදි මම දැක්ක දෙයක් තමයි දෙමළ ආචාර්යවරුන්ට සිංහල භාෂාව පිළිබදව ඇති දැණුම අඩුකම. මම මීට පෙර දෙමළ භාෂාවේ හා සාහිත්‍යයේ තිරුක්කුරල්ල මණිමේකාලෙයි සහ මදුරිකාංචි වැනි ග්‍රන්ථ හදාරා තිබෙනවා. එය මට මේ ගමනට විශාල පන්නරයක් වුණා.
යාපනය විශ්ව විද්‍යාලයේ පිරිස මට කොතරම් උදව් කළාද කිව්වොත් මගේ දානය මට ලබා ගැනීමට හැකි වන පරිදි මට දවල් 11.30 සිට 12 දක්වා විශේෂ නිවාඩුවක් අනුමත කොට දී තිබුණා.


advertistmentadvertistment