ග්‍රෑම් 2655ක් බරැති මත්පෙති 5716ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (16 දා) බරපතළ වැඩසහිතව වසර 12ක සිරදඬුවම් නියම කළේය.
කොළඹ 12 විරානියා වීදියේ පදිංචිකරුවකු වන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් පර්සාන් නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ විනිසුරුවරයා එකී දඬුවම නියම කළේය.
- 7. 10 වැනිදා ශ්‍රී ලංකා රේගුව විසින් කරන ලද දැනුම්දීමකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා ආර්. සමන්ලතා මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සීදුව ප්‍රදේශයේ පිහිටි කලම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ දී එකී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබිණි. රජයේ අධිනීතිඥ ලිෂාන් රත්නායක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවිය.
ඒ. ජේ. ඒ. අබේනායක