අයිස් කියන නම ඇහෙනකොටත් හරි බයයි. ඒ මොකද දන්නවාද? අද අපේ රටේ තරුණ පරම්පරාව මේ මත්ද්‍රව්‍යයට දැඩිලෙස ඇබ්බැහි වෙනවා. අන්තිමේ තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. අපේ රටේ අතිශය දුෂ්කර ගම් පළාතක් වන වවුනියාව පැත්තේ ගමක හැදීවැඩුණු තරුණයෙක් ජීවිතය ජයගන්න කියලා කොළොම්තොටට ගොඩබහිනවා. අන්තිමේ අනාගත සිහින එකින් එක බිඳවැටෙමින් ලයිෆ් එක අයිස්වලින් වනසගන්නවා. ඉතිං අද අපි ඔයාලට කියන්න යන්නේ එහෙම ජීවිතය වරද්දගෙන, ඒ වරද නිවැරැදි කරගෙන ජීවිතය දිනපු නිසල්ගේ කතාව.

වවුනියාව පැත්තේ අතිශය දුෂ්කර, කුඩා ප්‍රාදේශීය පාසලක තරුණ ගුරුවරයෙක් වන ජනක සහ දක්ෂ ශිෂ්‍යයෙක් වන නිසල් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ.

නිසල් ඉහළින්ම සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉන්නේ. නමුත් ගමේ ඉස්කෝලෙ උසස් පෙළ පන්ති නැහැ. නිසල්ට නගරයේ ඉස්කෝලයකට යන්න බැරි තරමට ඔහුගේ පවුල දුප්පත්. තාත්තා වකුගඩු රෝගයෙන් ඔත්පළයි. පවුලට ආදායම් මාර්ගයක් නැහැ. ජනක සර් මේකට උත්තරයක් හොයා ගන්නවා.

මතින් මිදුන නිසල්ගේ කතාව සිහින සමීකරණ

ඔහු, නිසල්ට විතරක් වෙනම හවසට ඉස්කෝලෙ උසස් පෙළ විෂයන් උගන්වන්න පටන් ගන්නවා.

ත්‍රීවීල් එකක් දුවන අසංක ඇතුළු ගමේ පිරිසක් මේ වැඩේට විරුද්ධ වෙනවා. තමන්ගේ දරුවන්ටත් උසස් පෙළ කරන්න ඕනෑ. නිසල්ට ඇයි විශේෂ සැලකිල්ලක් කියලා ඉස්කෝලේ ප්‍රින්සිපල්ට වගේම ජනක සර්ටත් බලපෑම්, තර්ජන එල්ල වෙන්න පටන් ගන්නවා. නිසල්ගේ පෙම්වතිය වන රිද්මිටත් අසංක බලපෑම් කරනවා බලෙන් හරි කසාද බැඳ ගන්නවා කියලා.

ජනක මේකටත් උත්තරයක් හොයා ගන්නවා. ධනවත් මිතුරකුගේ හා තමන්ගේ පෙම්වතියගේ උපකාරයෙන් නිසල්ව කොළඹ බෝඩින් කරවලා, පෞද්ගලික පන්තිවලින් උගන්වන්න පටන් ගන්නවා.

මතින් මිදුන නිසල්ගේ කතාව සිහින සමීකරණ

රිද්මි දුකෙන් වුණත් මේ වැඩේට නිසල්ව උනන්දු කරවනවා.නිසල්ට කොළඹ පරිසරයේදී සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා. ඔහු අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා. ඊට පස්සෙ හැමදේම ජනක හෝ රිද්මි සිතුවාට වඩා වෙනස් වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ ජීවිතවලට සිද්ධ වෙන දේවල් අනුව මේ ජීවිතය කියන සිහින සමීකරණය විසඳන්න අපි උත්සාහ කරමු.

රූපවාහිනි සහ චිත්‍රපට ක්‍ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති ශෂික හේරත් රූපවාහිනියේ සහ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් සහ ක්‍රියාකරුවකු ලෙස ද ක්‍රියා කර ඇත. සිහින සමීකරණ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.

මතින් මිදුන නිසල්ගේ කතාව සිහින සමීකරණ

මතින් නොනිදන්න, ඉතිං ඇහැරෙන්න, වත්මනේ කොල්ලෝ කෙල්ලන්ට ජීවිතය ජයගන්න හැටි කියාදෙන අලුත්ම පාඩම තමයි සිහින සමීකරණ පාඩම. මේ පාඩම ඉගෙන ගන්න නුදුරේදීම ඔබේ ගමේ නගරයේ තියෙන සිනමාහලට ගොඩවෙන්නම වෙනවා. මොකද අයිස් කියන මත්ද්‍රව්‍ය ලේසි නැහැ. අයිස් දිවෙනකොට ලයිෆ් ප්‍රේමය වැනසෙනවා.

ඉතිං අයිස් දියවෙන ලයිෆ් ප්‍රේමය රිදී තිරයේ ඔයාලට රඟදක්වලා පෙන්වන්නේ සජිත ඇන්තනි (නිසල්), කසුනි කාවින්දි ප්‍රනාන්දු (රිද්මි), අශාන් ඩයස් (ජනක සර්), රන්දික ගුණතිලක (අෂේන්), වසන්ත විට්ටච්චි (විදුහල්පති), පූජන දන්දෙණිය (අසංක), රෙබෙකා දිල්රුක්ෂි (දිල්කි), මොරින් චාරුනි (රිද්මිගේ මව), නයනා හෙට්ටිආරච්චි (නිසල්ගේ මව) විසිනි.

මතින් මිදුන නිසල්ගේ කතාව සිහින සමීකරණ

අයිස්වලින් මිදිලා ජීවිතය ජයගන්න හැටි පෙන්වන සිහින සමීකරණයේ තිර නාටකය ගෙතුවේ දර්ශන විද්‍යා අරවින්ද. සසික හේරත් ඒ කතාව ඔයාලට ගෙනඑන්න නිසල් ඇතුළු පිරිවර අධ්‍යක්ෂණය කරනකොට කැමරාකරණයෙන් එකතු වුණේ චන්දන ජයසිංහයි. ඒ කතාව කපලා කොටලා තිරයට ගේනකොට සංස්කරණය කියන මාතෘකාව ඉදිරියේ නම වැටුණේ අජිත් රාමනායකගේ.

මතින් මිදුන නිසල්ගේ කතාව සිහින සමීකරණ

පියතිස්ස අකුරම්බොඩ ඇඳුම් නිර්මාණකරණයෙන් වගේම කලා අධ්‍යක්ෂණයෙන් මේ වැඩේට එකතුවෙනකොට සසික රුවන් මාරසිංහ ශබ්ද නිර්මාණකරණයෙන් වගේම ශබ්ද මිශ්‍රණයෙන් සම්බන්ධ වුණා. ඉතිං මේ කතාවට හොඳ සංගීතයක් එපායැ. සංගීත අධ්‍යක්ෂණ කාර්යය භාරගත්තේ චින්තක ජයකොඩියි. වේශ නිරූපණයෙන් ප්‍රියන්ත එස්. වන්නිනායක ද ඪත්‍ඞ අශාන් අමරසිංහ ද වර්ණ ශ්‍රේණිගත කිරීම ආනන්ද බණ්ඩාර ද නිෂ්පාදන කළමනාකරු හරේන්ද්‍ර පෙරේරාද විධායක නිෂ්පාදනයෙන්ල රේඛීය නිෂ්පාදක දුමින්ද පෙරේරා ද සහකාර අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක ද නිශ්චල ඡායාරූපකරණයෙන් බුද්ධි සංජය ද මීට එක්වෙති. සිහින සමීකරණ සිනමා සිත්තටම ගී පද රචනයෙන් උපුල් ශාන්ත සන්නස්ගල දායක වෙන විට ගායනයෙන් හර්ෂණ දිසානායක, නෙල්කා තිළිණි, සුජීව ජාගොඩ සම්බන්ධ වූහ.

මතින් මිදුන නිසල්ගේ කතාව සිහින සමීකරණ
මතින් මිදුන නිසල්ගේ කතාව සිහින සමීකරණ

වෙනස්ම කතා තේමාවක් සොයනා තාරුණ්‍යයේ සිනමාවට ප්‍රිය කරන සිනමාලෝලීන්ට මෙය නැවුම් අත්දැකීම් වනවා නොඅනුමානය. මොකද වත්මනේ තරුණ පරපුර තම ජීවිතය නිතරම වරද්දවාගන්නේ මත් රකුසාට ගොදුරු වීමෙනි. ඉතිං මේ කතාවට අනුව නිසලුත් මත් රකුසාට ගොදුරු වී අවසානයේ තම ජීවිතය ජය ගනී. සශික හේරත්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන අයිස් දියවෙන ලයිෆ් ප්‍රේමය සිහින සමීකරණ සිනමා නිර්මාණය එළැඹෙන 17 වැනි දා එල්. එෆ්. ඩී. මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත වීමට නියමිතය.

මතින් මිදුන නිසල්ගේ කතාව සිහින සමීකරණ


දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment