කළුතර අවිත්තාවල ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු අද දියේ ගිලි මියගොස් ඇත.
මෙලෙස දියේ ගිලි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.
මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්දන සහයකයින් පිරිසක් සමග මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු අද පෙරවරුවේ මෙම දියවලෙහි දිය නෑමට ගොස් ඇත.එහිදී මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා දියේ ගිලි මියගොස් තිබේ.
දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ හෙට පැවැත්වීමට නියමිතය. ඉත්තෑපාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.