මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තරුණියකට වෙඩි

814


මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට අද (12දා) අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙළෙඳසලක් කොල්ලකා පළාගොස් තිබේ.

එම අවස්ථාවේ වෙළෙඳසල තුළ මුදල් අයකැමි ලෙස සිටි 23 හැවිරිදි තරුණියගේ උදරයට වෙඩි උණ්ඩ 3ක් වැදී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර් තා වේ.

කොල්ලකරුවන් වෙළෙඳසැලේ උඩ ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකා ඇති අතරල යට ලාච්චුවේ තිබූ මුදල් ලබාගැනීමට යතුර ඉල්ලා අදාළ තරුණියට වෙඩි තබා ඇත.

කොල්ලකන ලද මුදල මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබු තරුණිය මේ වනවිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment