මහනුවරට ඊයේ (25 දා) පස්වරුවේ මහා වැසි ඇද හැලුණි. වැසි නොතකා හැත්තෑ දහසකට ආසන්න පිරිසක් දළදා සමිඳුන් දැක වැඳ පුදා ගත්හ.
දළදා දැක්ම දීර්ඝ කිරීමට නිල වශයෙන් තීරණයක් මේ වන තෙක් ගෙන නැතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්. එම්. අබේකෝන් මහතා පවසයි.
පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවත් පැමිණ සිටින සැදැහැවතුන්ගේ ආරක්ෂාව සහ සනීපාරක්ෂාව ගැන ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගන්නා බවත් හෙතෙම කියා සිටියේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා 24දා මහනුවරට පැමිණ සැදැහැවතුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සංවිධායක මණ්ඩලයට ප්‍රකාශ කර ඇත්තේ පැමිණ සිටින සියලුම සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට ඉඩ අවස්ථාව සලසා දෙන ලෙසය.
සමන්ති වීරසේකර