මහනුවර පෝලිම්වලට පොලිසියෙන් police.lk

151

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට ඇතිවන අපහසුතා මගහැරීමට – වාහන ගාල් කිරීම, පොලිම්වල දිග ඇතුලුව අවශ්‍ය තොරතුරු රැසක් පරිශීලනය කිරීමට www.police.lk වෙබ් පිටුව වෙන්ව තිබේ . එම වෙබ් පිටුවේ සිරි දළදා වන්දනා කොටස තුළ සියල්ල අන්තර්ගතව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි . දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ මෙහෙයවීම මත මෙම තාක්ෂණික සේවාව සපයා දී තිබේ . මෙම වෙබ් පිටුව තුළ සැහැදැවතුන් රැදි සිටින පොල්ම්වල දිග, වාහන ගාල් තුළ තවත් වාහන කොපමණ ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ තිබේ ද, පොලිසියෙන් නිකුත් කරන විශේෂ නිවේදන, දළදා දැක්ම කාල සටහන්, පොලීිසිය කඩිනමින් සම්බන්ධ කර ගත හැකි දුරකථන හා වට්ස්ඇප් අංක යනාදිය අන්තර්ගත යැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය. නිතරන්තරයෙන් මෙම වෙබ් පිටුව යාවත්කාලීන ( update ) කරන බැවින් මහනුවරට පැමිණෙන බැතිමතුන් පෝලිම්වලට එක්වීමට පෙර පිටුව පරිශීලනය කිරීම අපහසුතා අවම කරගැනීමට හේතු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩි දුරටත් කීවේය .


advertistmentadvertistment