මහනුවර විද්‍යාර්ථයේ ක්‍රිකට් ශූරයෝ අගයති

54

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ 2023 සහ 2024 ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් 220 දෙනෙකු සඳහා සම්මාන පිරිනැමීම පසුගියදා සිදුවිය.

මෙහිදී ක්‍රිකට් වර්ණ, සම්මාන හා ත්‍යාග ප්‍රදානය එම විදුහල් පරිශ්‍රයේදී සිදුවිණි.

විද්‍යාර්ථ විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන නිහාල් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙල සඳහා විද්‍යාර්ථ විදුහල්පති ලුතිනන් කර්නල් එම්.අර්.පී. මායාදුන්නේ මහතා ඇතුළු පිරිසක් එක් වූ අතර මෙහිදී ක්‍රීඩකයන් 220 දෙනකු සම්මාන ලැබූ අතර 2024 වර්ෂයේදී වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් අර්ධ අවසන් පූර්ව වටය දක්වා තරග වැදි එම කණ්ඩායම හා එම වර්ෂයේම මධ්‍යම පළාතේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම ලෙස තේරී පත් වූ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමත් විශේෂ ඇගයීම් සම්මානයට ලක් විය.

එමෙන්ම විද්‍යාර්ථ ක්‍රිකට් වර්ණ ලැබූ ක්‍රීඩකයන් ලෙස සෙවන් මෝසෙස්, ධනුප කොඩිකාර හා ආදිත්‍ය කලල්පිටිය සම්මාන ලැබීය. මෙම සම්මාන උළෙල සඳහා ආදි විද්‍යාර්ථ ක්‍රිකට් නායකයන් විසිදෙනෙකු සහභාගි වූ අතර විද්‍යාර්ථ දෙමව්පිය ක්‍රිකට් සංගමය විසින් මෙය සංවිධානය කරනු ලැබීය.

මෙහිදී ධනුප කොඩිකාර ක්‍රීඩකයා වර්ණ හා සම්මාන හිමි කරගත් ආකාරය ඡායාරූපයේ දැක්වේ.


advertistmentadvertistment