කෝප් යළි වැඩ පටන් ගනී

58


මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ශ්‍රි ලංකා වරාය අධිකාරිය සහ කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව යන ආයතනවල ප්‍රධානීන් ලබන සතියේ කැඳවීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානීන් ලබන මස 05 වැනිදාද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන් 06 වැනිදාද කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාවේ ප්‍රධානීන් ලබන 08 වැනිදාද කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවේ.

advertistmentadvertistment
advertistmentadvertistment