ඇෆ්ගන් ක්‍රීඩකයෝ දිවයිනට පැමිණෙති

261

ශ්‍රී ලංකාව සමග එක් දින තරග තුනකින් යුතු තරගාවලියක් සඳහා තරග කිරීමට නියමිත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (23 වැනිදා ) රාත්‍රී මෙරටට පැමිණියේය.

මෙම තරග සියල්ල හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, එහි පළමු එක් දින තරගය එළඹෙන ලබන මස 02 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම පෙරේදා රාත්‍රී 09.52 ට ඩුබායි සිට, එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක් දින ක්‍රිකට් තරගාවලිය මෙය වේ.
කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment