කාටුන් සිතුවමින් සමස්ත ලංකා පළමු තැන අපේ ජයරත්න වික්‍රමසිංහට

56

ඔක්තෝබර් පළවෙනි දිනට යෙදුනු ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ “ලෝක ළමා දින ජාතික උත්සවය 2023” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්විණි.

එයට සමගාමීව පැවැති චිත්‍ර, පෝස්ටර්, කාටූන් තරගාවලියේ සමස්ත ලංකා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඇගයීම මෙහිදී සිදුවිය.

ඒ අනුව කාටුන් චිත්‍ර තරගයේ වෘත්තීමය හා වෙනත් යන අංශය යටතේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ‘දිවයින’ පුවත්පතේ කාටූන් ශිල්පි ජයරත්න වික්‍රමසිංහ විසින් දිනාගන්නා ලද අතර ඔහුට හිමි රන් පදක්කම කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් පළඳවන ලැබූ අවස්ථාව මෙහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment