දිවිතුර ලැයිම් කාමරයක සැමියාගේ පොරෝ පහරින් බිරිඳ මරුට

74

දිවිතුර වතුයායේ ලැයිම් කාමරයක් තුළදී සැමියා විසින් පොරවකින් ගසා බිරිඳ ඝාතනය කර ඇතැයි ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාරර්යාලය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ යෙවාන් රෙනිටර් මේරි නැමැති 35 හැවිරිදි දෙදරු මවකි.

බිරිඳ මෙයට පෙර අවස්ථා කිහිපයකදිම නිවසින් පිටව ගොස් වෙනත් පිරිමින් සමග අනියම් සම්බන්ධකම් පැවැත්වු බව කියමින් දෙදෙනා අතර ආරවුල් ඇතිව තිබෙන බවත් එදින ඇතිවු ආරවුලකදි සැකකාර සැමියා විසින් නිවසේ තිබුණු පොරවකින් පහරදී ඇති බවත් අනාවරණයවි තිබෙන බව පොලිසිය පවසයි.

සැකකාර සැමියා අත්අංගුවට ගෙන ඇති අතර ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම – සුගතපාල දීයගහගේ සහ වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment