ශ්‍රී ලංකාව උස්බෙකිස්තානයට පරදී වෙයි

215

මීළඟ ආසියානු කුසලාන පාපන්දු ශූරතාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තෙවන හා අවසන් වටයට එක්වෙමින් ශ්‍රී ලංකා ජාතික පිල පෙරේදා (08 දා) ප:ව: 09.00 ට සත්කාරක උස්බෙකිස්තනයට එරෙහිව තරග වැදුණු අතර එහිදී ගෝල් 03 – 00 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා පිලට සිදු විය.

ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ උස්බෙකිස්තාන කණ්ඩායම 36 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය ද 47 වැනි මිනිත්තුවේදී දෙවන ගෝලය ද 60 වැනි මිනිත්තුවේ දී තුන්වන ගෝලය ද වාර්තා කරමින් ශ්‍රී ලංකා පිල අභිබවා යන්නට සමත් විය.

උස්බෙකිස්තානයේ නමංගන් නුවර පිහිටි මකාර්සී ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම සටනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හසන් රූමී මහතා කටයුතු කළ අතර සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් ජාතික කණ්ඩායම තරග බිමට අවතීර්ණ විය.

ශ්‍රී ලංකාව, උස්බෙකිස්තානය, තායිලන්තය සහ මාලදිවයින අතර මෙම වටයේ තරග ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment