සංචාරකයෝ ඩො.මිලියන 1457ක් ගෙනත්

178

මෙම වර්ෂයේ (2023) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස නවයේ දී සංචාරක ඉපයීම් ලෙස ඩොලර් මිලියන 1457ක මුදලක් උපයා ගෙන ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සැප්තැම්බර් මාසයේ සංචාරක ඉපයීම් ලෙස ඩොලර් මිලියන 152 මුදලක් ඇස්තමේන්තු කර තිබුණි. මෙම වර්ෂයේ මුල් මාස නවයේ දී මෙරටට විදේශීය සංචාරකයින් දසලක්‍ෂ දාසයදහස් දෙසිය පනස්හය (1,016,256) දෙනකු පැමිණ ඇති බව ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය හා රුසියාව යන රටවලින් බව ද මහබැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment