ශ්‍රීලනිප දොර ළඟ වෙන පක්ෂ නියෝජිතයොත්

428

ඉදිරියේ පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්ව තරග කිරීමට ප්‍රධාන පක්‍ෂවල හා සුළු පක්‍ෂවල නියෝජිතයන් රැසක් මේ වනවිට කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, උත්තර ලංකා සභාව, සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය හා නව ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ රැසක නියෝජිතයන් නිදහස් පක්‍ෂ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මෙසේ සාකච්ඡා කර ඇත.

ඇතැම් පක්‍ෂ නිදහස් පක්‍ෂය සමග සන්ධානගතව තරග කිරීමට ද මේ වනවිට හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙන බවද එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට අනිකුත් පක්‍ෂ සමග සන්ධානගතව තරග කිරීම සඳහා නිදහස් පක්‍ෂය මූලික කරගෙන නව සන්ධානයක් සෑදීම සඳහා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී පසුගියදා අනුමත කරන ලද බවද එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ අනුව සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්‍ෂයට විරෝධය දක්වන ඕනෑම සහෝදර පක්‍ෂයක් සමග සන්ධානගත වීමට අනුමැතිය හිමිව ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment