සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලින්…

57

ශ්‍රී ලාංකේය සිනමා ක්‍ෂේත්‍රය උදෙසා අතීතයේ විශිෂ්ට සේවාවක් සිදු කළ ප්‍රවීණ කලාකරුවන් අගැයීම වෙනුවෙන් පවත්වනු ලබන සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙල මෙවර ද අතිඋත්කර්ෂවත් අන්දමින් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.

සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලින්…
සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලින්…
සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලින්…

1965 වසරේ සිට 1969 වසර දක්වා කාලවකවානුවේ දී සිංහල සිනමාව වෙනුවෙන් අනුපමේය සේවාවක් සිදු කළ අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන්, රංගන ශිල්පීන් ශිල්පිණියන්, කැමරා ශිල්පින්, වේෂ නිරූපණ ශිල්පීන්, කලා අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම අංශ නියෝජනය වන පරිදි මෙහිදී සම්මාන ප්‍රදානය කරන ලදි. ශ්‍රී ලංකාවේ නිළි රැජන මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් රණසිංහ ද මෙවර සම්මානයෙන් පිදුම් ලැබූ අතර ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ නර්තන කණ්ඩායම් ඉදිරිපත් කළ නර්තන අංගයන් මෙහිදී කාගේත් සිත් ගත්හ.

සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලින්…
සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලින්…
සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලින්…

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ. ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මියගේ පියා වන සුමිත් බිබිලේ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලේ ලේකම් ලෙස රංගන ශිල්පිනී සනෝජා බිබිලේ කටයුතු කරන අතර එහි සභාපතිත්වය දරනුයේ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහතා විසිනි.

සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලින්…
සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙලින්…

ඡායාරූප ධනංජය චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment