සීසන් ඉල්ලුම දෙගුණයකින් වැඩිවෙලා

248

ලංගම බස් රථවල ගමන් කිරීමට අදාළ මාසික ගමන් වාර ප්‍රවේශ පත්‍ර ඉල්ලුම පසුගිය 2022 වසරට සාපේක්‍ෂව 2023 වසරේ දී දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පාසල් සිසුන් සඳහා 2022 වර්ෂයේ දී මාසිකව වාර ප්‍රවේශ පත්‍ර දෙලක්‍ෂ අසූපන්දහසක් නිකුත් කර තිබූ නමුත් 2023 දී එය හාරලක්‍ෂ හතළිස් දහස දක්වා වැඩිවී ඇත. කාර්මික විද්‍යාල සිසුන්ට 2022 වසරේ දී මාසිකව වාර ප්‍රවේශ පත්‍ර හයදහස් හයසිය අසූවක් නිකුත් කර ඇති අතර 2023 දී එය පහළොස් දහස් දෙසිය හැටක් දක්වා වැඩිවී තිබේ. එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන් සඳහා 2022 වසරේ දී මාසිකව වාර ප්‍රවේශ පත්‍ර හයදහස් පන්සිය පනස් දෙකක් නිකුත් කළ අතර එය 2023 වසරේ දීඅටදහස් එකසිය අනූව දක්වා වැඩිවී ඇතැයි ද ඇමැතිවරයා කීය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment