වර්ණපුරයන්ගේ නික්ම යෑම බලවත් පාඩුවක්- අගමැති ශෝක වෙයි

275

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

1975-1982 කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බන්දුල වර්ණපුර මහතා ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ දී හමුවන සුවිශේෂී ක්‍රීඩකයෙකුය. ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේ දී සිය කණ්ඩායමට විශාල සවියක් ලබාදුන් හෙතෙමල අප රට ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ද වාසනාවන්ත විය.

වර්ෂ 1979 ලෝක කුසලානයේ දී ලංකා එක්දින ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ ද සිය කණ්ඩායමේ මෙහෙයවනු ලැබුවේ බන්දුල වර්ණපුරයන්ය.

පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු ලෙසත් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ලබා දුන් දායකත්වය නිසාත්ල ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ සේවය නිසාත් බන්දුල වර්ණපුර නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ සැමදා රන් අකුරින් ලියැවෙනු ඇත.

එසේමල බන්දුල වර්ණපුරයන්ගේ නික්ම යෑම අප රටට බලවත් පාඩුවකි.අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරල එතුමාගේ අභාවයෙන් ශෝකයට පත් එම පවුලේ සියලු දෙනාටත්ල ඥාති හිතමිත්‍රාදීන්ට හා බන්දුල වර්ණපුරයන්ට ආදරය කළ සුවහසක් ජනතාවටත් මාගේ බලවත් සංවේගය මෙයින් ප්‍රකාශ කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment