මහා විහාර හා දළදා මාලිගාව එක්ව නිවේදනයක් නිකුත් කරයි

65

උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වාම ධාතූන් වහන්සේ දින දහයක් පුරා ප්රදර්ශනය කිරීම ඉතා සාර්ථකව සිදුකළ බව මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ දියවඩන නිලමේවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටි. දන්තධාතූන් වහන්සේගේ බාරකාරත්වය දරන ෂ්යාමෝපාලි මහානිකායේ මල්වතු මල්වතු පාර්ශ්වයේ අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගලාභීදාන ස්වාමීන් වහන්සේ ද ශ්යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ඤාණ රතනාභිධාන ස්වාමීන් වහන්සේ ද ගිහි භාරකාරත්වය දරන දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාද එක්ව නිකුත් කළ මෙම නිවේදනයේ සඳහන් පරිදි ශ්රී ලංකා ඉතිහාසයේ වැඩිම ජන සමූහයක් බුදුන් වහන්සේ දෑසින් දැක වැඳ පුදා ගත් අවස්ථාව මෙය වන්නේය . සම්පුර්ණ නිවේදනය පහතින් කියවන්න


advertistmentadvertistment