මහ බැංකු පනතට අත්සන් නොකිරීම කථානායක හේතු කියයි

913


මහ බැංකු පනතේ නිවැරදි කිරීමි සිදුකිරීමට ඇති බැවින් තවම ඊට තමා අත්සන් නොකළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.විපක්ෂයේ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසීය.එම නිවැරදිකිරීම් තමාට කළ නොහැකි බවත් ඊට අදාල නිලධාරීන් එය සිදු කළ පසු තමා ඊට අත්සන් කරන බවද කීවේය.මෙම පනතට අත්සන් කිරීම ප්‍රමාද වීම නිසා මුදල් අච්චුගැසීම අසීමිතව සිදුවන බව වාර්තාවන බවද චන්දිම වීරක්කොඩි මහතා කථානායකවරයාට සඳහන් කළේය.


advertistmentadvertistment