මහ බෝඩිමට අලු‍තින් 185000ක්

90

සිරකරුවන් හා සැකකරුවන් එක්ලක්‍ෂ අසූපන්දහස් පනස්හය දෙනකු (185,056 දෙනකු) ඉකුත් වර්ෂයේ දී (2023) බන්ධනාගාරගත වී ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කරනු ලැබූ වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි.

මේ අය අතුරින් 46,939 දෙනකු සිරකරුවන් වන අතර 138,117 දෙනෙක් සැකකරුවෝ වෙති. බන්ධනාගාරගත වී ඇති පුද්ගලයින්ගෙන් සියයට 74ක් සැකකරුවන් බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි. නොවිසඳුණු නඩු ප්‍රමාණය ඉහළයෑම සහ දිගින් දිගටම නඩු කල් යෑම, ඇතැම් අවස්ථාවල රජයේ රසපරීක්ෂක වාර්තාවල ප්‍රමාදය, ඇප තැන්පත් කර ගැනීමට නොහැකිවීම, ඇප පනත නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා බන්ධනාගාරගත වන සැකකරුවන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

බන්ධනාගාර තුළ රැඳවීමට හැකි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 10,395කි. සැකකරුවන් විශාල වශයෙන් බන්ධනාගාරගත වීම නිසා මෙරට බන්ධනාගාර පද්ධතියේ සියයට 14ක තදබදයක් පවතින බව ද මෙකී වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද


advertistmentadvertistment