ශ්‍රී ලංකාවට එක් දිනක් තුළ ඇදහැලෙන මිලිමීටර් 200-400 අතර තීව්‍ර වර්ෂාපතනයන්හි ඉතා පැහැදිලි වැඩිවීමක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ (පර්යේෂණ) අනූෂා වර්ණසූරිය මහත්මිය පවසන්නීය.
එසේ වුවද කාලගුණ මාන මධ්‍යස්ථානවලින් ලැබෙන දත්ත අනුව ශ්‍රී ලංකාවේ උණුසුම් රාත්‍රී ප්‍රමාණය ද වැඩි වී සීත රාත්‍රී ප්‍රමාණය අඩුවෙමින් පවතින බවද ඇය කියා සිටින්නීය.
වර්ණකුලසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඉකුත්දා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය වැඩමුළුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වර්ණකුලසූරිය මහත්මිය කියා සිටියේ නුවරඑළිය ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක දශම හතරකින් (0.4C0) ඉහළ ගොස් ඇති බවට හඳුනාගෙන ඇති බවයි.
එක් දිනකදී මිලිමීටර් 100කට වඩා වැඩි වැස්සක් අතීතයේ අප සැලකුවේ අසාමාන්‍ය වර්ෂාවක් ලෙසයි. නමුත් මිලිමීටර් 200-300 අතර වැසි පවා දැන් සාමාන්‍ය වී ඇති බව හා මිලිමීටර් 400 පමණ දක්වා ලැබෙන වැසි නිතර වාර්තා වන බවද ඊට හේතුව දේශගුණික විපර්යාසවල අයහපත් ප්‍රතිඵල බවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
මේ නිසා ගංවතුර තර්ජනය සහ ජීවිත දේපළ හානි අවදානම ඉහළ ගොස් ඇති බවද ඇය පවසන්නීය.
ජගත් කණහැරආරච්චි