මාලිමාව ඉදිරියෙන්

448

මුල්ම ඡන්ද ප්‍රතිඵලය තංගල්ලෙන්

● නුවරඑළිය – මුලතිව් – බදුල්ල සියයට 60ක් ඡන්දය දීලා

● ඡන්ද විමසීම් සමයේ පැමිණිලි 111ක් සමස්තයක් ලෙස සාමකාමියි – පැෆරල්

● මන්නාරමේ 70%ක් ත්‍රි’මලේ – 67%ක් පොළොන්නරුවේ 64%ක්

පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දදායකයන් සියයට 55ක් පමණ ඡන්ද ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන පවසයි. ඡන්ද විමසීම ඊයේ (6දා) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී සිදුවිය.

මාලිමාව ඉදිරියෙන්
අගමැතිනි

ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ පෙරවරුවේ මන්දගාමීව සිදු වුවත් දහවල් කාලයේ ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබිණි. ඡන්ද විමසීම අවසන් වනවිට නුවරඑළිය, මුලතිව්, බදුල්ල, අනුරාධපුර, වව්නියාව යන දිස්ත්‍රික්කවල සියයට 60ක් පමණ ද මොනරාගල, කළුතර යන දිස්ත්‍රික්කවල සියයට 61ක් පමණ ද ඡන්ද ප්‍රකාශ කර තිබිණි. මන්නාරම දිස්ත්‍රික්කයේ සියයට 70ක් පමණ ද ත්‍රිකුණාමලය සියයට 67ක් ද, පොළොන්නරුව සියයට 64ක් ද ඡන්ද ප්‍රකාශ කර තිබිණි.

මාලිමාව ඉදිරියෙන්

ඡන්ද ගණන් කිරීම ඡන්ද මධ්‍යස්ථාන 5,783කදී පස්වරු 5.00ට පමණ ආරම්භ විය. පස්වරු හත පමණ වනවිට බොහෝ කොට්ඨාසවල ඡන්ද ගණන් කිරීම අවසන් විය. ගණන් කරන ප්‍රතිඵල, දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

මාලිමාව ඉදිරියෙන්

ඡන්ද විමසීම් කාලය තුළ පැමිණිලි 111ක් ලැබුණු බවත් සමස්තයක් ලෙස සාමකාමීව ඡන්ද විමසීම සිදුවූ බවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.

මාලිමාව ඉදිරියෙන්

පුත්තලම, දැරණියගල, පුද්ගල පහරදීම් සිද්ධීන් වාර්තා වන බවත් රෝහල්ගත කිරීම් 3ක් වාර්තා වී ඇති බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය. ඡන්ද ආයාචනා කිරීම් 38ක් ප්‍රචාරණ කටයුතු කිරීම් 52ක් ඡන්ද ප්‍රකාශ කිරීමට නිවාඩු ලබා නොදීම් 4ක් ආදී ලෙස පැමිණිලි ලැබී ඇති බව ද හෙතෙම කීය.

රනිල් ධර්මසේන

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත, තුෂාර අතපත්තු, ධර්මසේන වැලිපිටිය

හපුතලේ බලය ස්වාධීන කණ්ඩායමට

හම්බන්තොට මාලිමාව දිනුවත් බහුතර බලය විපක්‍ෂයට

අම්බලන්ගොඩ නගර සභාව ජය මාලිමාවට

මාලිමාවට 11යි

විපක්‍ෂයටත් 11යි

මාලිමාව ඉදිරියෙන්

advertistmentadvertistment