මාලිමාව බලයට පැමිණි පසු පළමු කටයුත්ත අනුර පවසයි

3807

ජාතික ජන බලවේගය රජයක් යටතේ පළමු කටයුත්ත ලෙස පාසල් පොත් සහ පාසල් උපකරණ සඳහා දැනට අයකරනු ලබන බදු ඉවත් කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද තංගල්ලේදී පැවති ජනපතිවරණ සටනේ පළමු ජන රැළිය අමතමින් පැවසීය.එසේම ඉන්ධන සහ විදුලි ගාස්තු අඩුකරන වැඩ පිළිවෙලක් ද ඉදිරිපත් කරන බව කීවේය.ඔඖෂධ සඳහා බද්දක් අය කරන බවත් එයත් ඉවත් කිරීමට කටයුතු කරන බව ද සදහන් කළේය.මෙලෙස බදු ඉවත් කර දැනට බදු නොගෙවන ව්‍යාපාරිකයින්ගෙන් බදු ඇයකරන බවත් කීවේය.බදු සරල කර බදු අයකර ගන්නා බවත් පැවසූ අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් බලයට පත් වූයේ රට වට්ටන ආණ්ඩු බවත් තම පක්ෂය ගොඩනගන්නේ රට ගොඩනගන ආණ්ඩුවක් බවත් කීවේය.


advertistmentadvertistment