මැණික් ගඟේ ඉදිකළ පා සෝදන පිවිසුම් මාර්ගය ජනතා අයිතියට

478

කතරගම මැණික් ගඟේ ඉදිකළ ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය ඊයේ (21 දා) උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමැතිවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මැණික් ගඟේ ඉදිකළ පා සෝදන පිවිසුම් මාර්ගය ජනතා අයිතියට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කළ අතර මේ සඳහා රුපියල් මිලියන 50ක වියදමක් දරා තිබේ.

මැණික් ගඟේ අංක 02 පාලම අසල මෙම ප්‍රාකාරය ඉදිකර ඇත.

අතීතයේ බැතිමතුන් කතරගම දේවාලය වන්දනා කිරීමට පැමිණීමට පෙර මැණික් ගඟට බැස දිය නා හෝ පා දෝවනය කර දෙහි ගා පිරිසිදුව පැමිණ තිබේ.

මෙම අපූරු ප්‍රාකාරයේ නිර්මාතෘ වන්නේ වත්මන් බස්නායක නිළමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතාය.

මෙම ජල ප්‍රාකාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමි, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමි සහ තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලයේගම ධම්මසේන හිමි මෙම අවස්ථාවට එක් වී ආගමික වතාවත් සිදු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ප්‍රාකාරය ඉදි කෙරුණි.

කතරගම – කේ. ඩී. දේවප්‍රිය


advertistmentadvertistment