මිනිස් ගුණධර්ම පදනම් කරගත් ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන් උතුම් ශ්‍රී ලංකා පුත්‍රයෙක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

36

ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන් රජයක, පක්ෂයක බලය හෝ වෙනත් ඒ ආකාරයේ උරුම බලයක් නොමැතිව මිනිස් සමාජය එකමුතු කළ නායකයෙක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම පණිවිඩය මෙසේය

මිනිස් ගුණධර්ම පදනම් කරගත් පරාර්ථකාමී උතුම් ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කළ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා උතුම් ශ්‍රී ලංකා පුත්‍රයෙක්. එතුමාගේ අභාවය මුළු මහත් ජාතියටම දැවැන්ත හිඩැසක්. රටපුරා ගමින් ගමට යමින් එතුමා ලබා දුන් උතුම් ආදර්ශය සදාකාලිකයි. පරම්පරාවල් කිහිපයක් සමඟ ඉදිරියට ගෙන ආ ආදර්ශමත් ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව රටවල් බොහෝමයකට, සංවිධාන බොහොමයකට, අලුත් මඟක් වුණා. ඒ නායකත්වයෙන්, ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වුණු සේවාවන් අනන්තයි. මිනිස් ගුණධර්මවලින් පිරි සමාජයක් ඇති කිරීමට දැක්වූ ඒ දායකත්වය දේශපාලන පක්ෂවලට, දෙපාර්තමේන්තුවලට වඩා විසල්. එලෙස ස්වේච්ඡාවෙන් මිනිස් සමාජය එකමුතු කළ නායකයෙක් නොසිටි බව නිහතමානීව ප්‍රකාශ කරනවා. රජයක බලය, පක්ෂයක බලය හෝ වෙනත් ඒ ආකාරයේ උරුම බලයක් නැතිව ඒ. ටී. ආරියරත්න මැතිතුමා අප සැමට ගුරුවරයෙක් මෙන් මඟ පෙන්වූවා. එතුමාට සදා නිසංසල නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment