මුලතිව් – තන්නිමුරිප්පුවේ කුරුඳුමලේ විහාරස්ථානයට අයත් ඉඩමට නීති විරෝධීව ඇතුළු වී කෘෂිකාර්මික කටයුතු සඳහා සී සාමින් සිටි පුද්ගලයන් තුන් දෙනකු මුලතිව් පොලිසිය විසින් 10 දා අත්අඩංගුවට ගෙන තිබේ.
සී සාමින් සිටි පුද්ගලයන් පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ එම ඉඩම ඔවුන්ට අයත් නිසා සී සෑමේ කටයුතුවල නිරත වූ බවයි. නමුත් කුරුඳුමලේ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් පොලිසියට පවසා ඇත්තේ ගොවීන් පැමිණ බලහත්කාරයෙන් සී සෑමේ කටයුතුවල නිරත වූ ඉඩම විහාරස්ථානයට අයත් බවයි.
මේ සඳහා නියමිත පරිදි මායිම් ගල් ද දමා සලකුණු කොට තිබියදී නීති විරෝධී ලෙස තන්නිමුරුප්පුව ගම්මානයේ වැසියන් පිරිසක් පැමිණ සී සෑමේ කටයුතුවල නිරත වූ නිසා පොලිසිය දැනුවත් කොට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව විහාරාධිපති හිමියෝ පවසති.
සැකකරුවන් තිදෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරුවන් සමග සී සෑමේ කටයුතු සඳහා යොදා ගන්නා ලද ට්‍රැක්ටරය ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිනසේන රතුගමගේ