මේ වසරේ (2025) පළමු මාස තුනේදී විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය සියයට 18.1කින් වර්ධනය වී ඇත.
මේ අනුව ගිය වසරේ (2024) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 1536.1ක විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2025) පළමු මාස තුනේදී ඇමරිකානු ඩොලර් මිලියන 1814.4ක් දක්වා වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. මේ අතර මේ වසරේ (2025) පළමු මාස තුනේදී විදේශ සංචාරකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය ද ඇමරිකානු ඩොලර් මිලියන 1122.3ක් දක්වා සියයට 9.4කින් වර්ධනය වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත