අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 6න් 4කම සභාපතිලා ඉවත් වෙලා
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබාදී ඇත.
තමා ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවත් වෙනත් ස්ථානයකට යෑම සඳහා ඉල්ලා අස්වූ බවත් ‘දිවයින’ කළ විමසීමකදී නිශාන්ත වීරසිංහ මහතා ඊයේ (21දා) පැවසීය. හිස් වූ කොමසාරිස් ජනරාල් තනතුර සඳහා නව නිලධාරියකු පත් කිරීමට අදාළ නම ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හයෙන් හතරකම සභාපතිවරුන් මේ වනවිට ඉල්ලා අස්වී තිබේ. ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාන, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුනි සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ යන මහත්වරු ඒ අතර වෙති.
චමින්ද සිල්වා