දක්ෂතම ක්‍රීඩකයා සහන් උදාන
දක්‍ෂතම ක්‍රීඩිකාව තරුෂි සෙව්වන්දි
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ප්‍රථම අදියර ලෙස පැවැත්වෙන යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට මැණික් ක්‍රීඩා සමාජය සමත් විය.
මෙම තරගාවලියේදී සමස්ත ලකුණු එකසිය තිස් දෙකක් (132) ලබා ගනිමින් අඛණ්ඩව දෙවන වතාවටත් සමස්ත ශූරතාවය දිනා ගැනීමට මැණික් ක්‍රීඩා සමාජය සමත් වූ අතර, තරගාවලියේ අනුශූරතාවය තියුණු තරගයකින් පසු හිමිකර ගැනීමට ලකුණු එකසිය තිස් එකක් (131) ලබාගත් පිළිමතලාව විදුහල් ක්‍රීඩා සමාජය සමත් විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පිරිමි මීටර් 1500, මීටර් 5000, මීටර් 10000 යන ඉසව්වලින් ප්‍රථම ස්ථානයන් දිනා ගත් පිළිමතලාව විදුහල් ක්‍රීඩා සමාජයේ සහන් උදාන පිදුම් ලැබීය. ඔහුගේ පුහුණුකරු ලෙස වසන්ත පෙරේරා කටයුතු කරයි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අඛණ්ඩව තෙවන වරටත් සම්මානය හිමිකර ගනු ලැබුවේ කාන්තා මීටර් 1500, මීටර් 5000, මීටර් 10000 යන ඉසව්වලින් ප්‍රථම ස්ථානයන් හිමිකර ගත් මැණික් ක්‍රීඩා සමාජයේ තරුෂි සෙව්වන්දි කුමාරිය. ඇයගේ පුහුණුකරු ලෙස ටෙරන්ස් වීරකෝන් කටයුතු කරයි.
යටිනුවර ක්‍රීඩා නිලධාරි ටෙරන්ස් බණ්ඩාර වීරකෝන් ගේ සම්බන්ධීකරණයෙන් සංවිධානය වී පැවති මෙම තරගාවලිය පසුගියදා මැණික්දිවෙල මධ්‍යම මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර ජය සංකේත ප්‍රදානය කිරීම යටිනුවර ප්‍රාදේශීය ලේකම් ඒ.එම්.සී. ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන