යාපනයේ මුහුදු කූඩැල්ලන් වගාවට චීනය දුන් අවසරය තහනම් කෙරේ

230

යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකිරීමට චීනයට ලබාදුන් අවසරය තහනම් කිරීමට ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා තීරණය කර ඇත.

ඉකුත් යහපාලන කාලයේ යාපනය දිස්ත්‍රික්කයේ චීන සමාගමකට මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවසර ලබාදී තිබූ බවත් එනිසා යාපනයේ ජනතාවට ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් එල්ලවූ බවත් ඇමතිවරයා සඳහන් කරයි.

එම හේතුව නිසා එම ජනතාවගේ ආර්ථිකය මෙන්ම රැකියා අවස්ථා ආරක්ෂා කිරීම සඳහා එම චීන සමාගම වෙත ලබාදී තිබූ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගත් බවද යාපනය දිස්ත්‍රික්කයේ මුහුදු කූඩැල්ලන් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත


advertistmentadvertistment