යුක්රේනයේ පවතින යුද්ධය නිමා කිරීම සඳහා ගිවිසුමකට එළඹීමේ අරමුණින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ඊයේ (25දා) රුසියාව වෙත ළඟා වීමට නියමිතව තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.
විට්කොෆ්ගේ රුසියානු සංචාරය පිළිබඳව අදහස් දක්වමින් රුසියානු විදේශ කටයුතු පිළිබඳ ඇමැති සර්ගේ ලැව්රොව් පවසා ඇත්තේ යුක්රේනයේ පවතින යුද්ධය නිම කිරීම සඳහා ඇමරිකාව සමග එකඟතාවයකට එළඹීමට රුසියාව සූදානමින් සිටින බවයි.
‘ඇමරිකානු ජනාධිපතිවරයා යුක්රේන යුද්ධය අවසන් කරලීම සඳහා එකඟතාවයකට පැමිණීමට හැකි බව විශ්වාස කරනවා. එය නිවැරදි තීරණයක්. අප මේ මොහොතේ නිවැරදි දිශාවට ගමන් කරමින් සිටිනවා යැයි රුසියානු විදේශ කටයුතු ඇමැතිවරයා පවසා තිබේ.