ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස්, 2024 මූල්‍ය වසර සඳහා 12%ක ජාත්‍යන්තර මට්ටමේ අසමසම ජීවිත ලාභාංශ අනුපාතයක් ප්‍රකාශයට පත් කරන්නේ ඉමහත් සතුටිනි. වසර සඳහා වන 10%ක් වූ අවම සහතික ලාභාංශ අනුපාතය ඉක්මවා යන මෙම අනුපාතය මගින් සිය පාරිභෝගිකයන් වෙත සුවිශේෂ වටිනාකම පිරිනැමීම සඳහා සමාගම සතුව පවතින නොසැලෙන කැපවීම පිළිබිඹු වෙයි. අපේක්ෂාවන් ඉක්මවා යමින් ක්‍ෂේත්‍රයේ ඉහළම ලාභාංශ අනුපාත පිරිනැමීමට යුනියන් ඇෂුවරන්ස් නිරතුරුව දක්වන හැකියාව මඟින් එහි සවිමත් මූල්‍ය කාර්යසාධනය විදහාපාමින්, ක්‍ෂේත්‍රයේ විශ්වාසවන්ත ප්‍රමුඛයකු ලෙස එයට හිමිව ඇති පිළිගැනීම යළි තහවුරු කරන අතරම, වසරේ ඉදිරි කාලය තුළ අඛණ්ඩ වර්ධනය සහ ස්ථාවරත්වය සඳහා පසුබිම සකසයි.
යුනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,300කට අධික සවිමත් සේවා බළකායක් සමඟ ජීවිත රක්ෂණ ක්‍ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.