‘යුපුන්’ ලොව වේගවත්ම මිනිසුන් අතර 20 වෙනි තැනට

327

ජගත් මලල ක්‍රීඩා සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මීටර් සියය ධාවකයන් අතර 20 වන ස්ථානය ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට හිමි වී තිබේ.

ඒ සඳහා යුපුන් හිමි කරගෙන තිබෙන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 1285 කි.

ජගත් මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල යුපුන් 20 වන ස්ථානයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.

එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන ට්‍රවෙන් බොමීල් ප්‍රසාද ලකුණු 1457ක් හිමිකරගෙන ඇත. ඔහු මෙන්ම එම ශ්‍රේණිගත කිරීම්වල බහුතරයක් ස්ථාන කරගෙන සිටින්නන් ඇමෙරිකානුවෝ වෙති.

එහිදී යොහාන් බ්ලේක්ට හිමිව ඇති ස්ථානය අංක නමයයි.

පසුගිය දා සූරිච් හි පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 තරගයෙන් පස් වන ස්ථානය හිමිකර ගැනීම යුපුන් ගේ ආසන්නතම තරග අවස්ථාව වේ.


advertistmentadvertistment